• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • සේවක සංඛ්‍යා විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • කොට්ඨාශ
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • ගැලරිය
    • පින්තූර ගැලරිය
    • විඩියෝ ගැලරිය
  • ව්‍යපෘති
  • බාගත කිරීම්
    • අයදුම් පත්‍ර
    • ප්‍රකාශන
    • ලංසු තැබීමේ ආරාධන
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • පිටු පෙලගැස්ම
  • IAU
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • පැණ විසඳුම්
  • තොරතුරු දැනගැනීමේ අයිතිය
  • වැදගත් ආයතන
  • ආපදා කළමනාකරණ
  • පුවත්
  • පැණ විසඳුම්
  • තොරතුරු දැනගැනීමේ අයිතිය
  • වැදගත් ආයතන

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • සේවක සංඛ්‍යා විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • කොට්ඨාශ
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
  • ගැලරිය
    • පින්තූර ගැලරිය
    • විඩියෝ ගැලරිය
  • ව්‍යපෘති
  • බාගත කිරීම්
    • අයදුම් පත්‍ර
    • ප්‍රකාශන
    • ලංසු තැබීමේ ආරාධන
  • අමතන්න
    • අප අමතන්න
    • විමසීම් විස්තර
  • පිටු පෙලගැස්ම
  • IAU

කොට්ඨාශ

 

පරිපාලන සහ ආයතන අංශය

පරිපාලන සහ ආයතන අංශය

   
Nirosha Hapuhinna

නිරෝෂ හපුහින්න මහත්මිය
අතිරේක දිස්ත්‍රික් ලේකම්

027-2222385


   
b dumy

පුරප්පාඩු
අතිරේක දිස්ත්‍රික් ලේකම්

027-2053588

   

Muthumali

ඩි.ඩි.එස්.මුතුමාලි මහත්මිය
සහකාර දිස්ත්‍රික් ලේකම්

027-2225579


G D N Senali Chandrasiri

ජී.ඩී.එන්. සේනාලි චන්ද්‍රසිරි මහත්මිය
පරිපාලන නිලධාරී

 027-2222260

 

දිස්ත්‍රික් ලේකම්ගේ පාලනයට ගැනෙන සියලුම නිලධාරීන්ගේ ආයතන හා පරිපාලන කටයුතු ඉටු කිරීම ආයතන අංශයේ ප්‍රධාන කාර්යභාරයයි.

  • නව පත්කිරීම්
  • සේවා කාලය දීර්ඝ කිරීම්
  • විශ්‍රාම ගැන්වීම්
  • කොස්ගස් බලපත්‍ර නිකුත්කිරීම
  • ජූරි සභික නාමලේඛණ සැකසීම
  • පුහුණු කටයුතු‍
  • නිවාඩු දුම්රියබලපත්‍ර කටයුතු
  • නිලධාරීන්ගේ ණය කටයුතු
    • දේපල ණය
    • වාහන ණය‍
    • ආපදා ණය
    • පාපැදි ණය

ඉහත ආයතනික පරිපාලන සේවාවන්ට අමතරව පහත සදහන් කාර්යයන් ද ඉටු කරනු ලබයි.

  • ප්‍රාදේශීය මහලේකම් කාර්යාල 07 හි පරිපාලන කටයුතු හා අධීක්ෂණ කටයුතු
  • බෞද්ධ කටයුතු හා සංස්කෘතික කටයුතු
  • සමාජ සේවා කටයුතු
  • ආපදා කළමනාකරණ කටයුතු (ගංවතුර, නියං ව්‍යසන ආදී)
  • දැව බලපත්‍ර සම්බන්ධ කටයුතු
  • පරිසර සංවර්ධන කටයුතු
  • නිවාස කටයුතු
  • කෘෂිකර්ම කටයුතු
  • මැතිවරණ කටයුතු
  • දිස්ත්‍රික් පුහුණු කටයුතු
  • රාජ්‍ය උත්සව සඳහා දායකත්වය ලබාදීම
  • ග්‍රාම නිලධාරී පොදු කටයුතු හා විනය කටයුතු
  • උප්පැන්න සහතික පරිලෝකණගත කිරීම
  • උප්පැන්න, මරණ, විවාහ රෙජිස්ට්‍රාර්වරුන් සහ හදිසි මරණ පරීක්ෂකවරුන් පත්කිරීම හා එයට අදාළ සියලු කටයුතු
  • අභ්‍යාසලාභී උපාධිධාරී සම්මුඛ පරීක්ෂණ, පත්වීම් හා ස්ථානමාරු කටයුතු

 

සැලසුම් අංශය

සැලසුම් අංශය

Pradeep

ඒම්.කේ.පී. කුමාර මහතා
අධ්‍යක්ෂ (සැලසුම්)

   

Kethaki madam

කේ.අයි.ඒ. කොතලාවල මහත්මිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්)

දු.ක: 027 22 24 685 / 027 2222137  විද්‍යුත් තැපැල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

දැක්ම

"පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියළුම ගම්මාන සමෘද්ධිමත් ගම් ලෙස පුනර්ජීවනයෙන් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දායකවීම."

මෙහෙවර

"ප්‍රජාව බල ගැන්වීම මගින් දිස්ත්‍රික්කයේ ගම් සංවර්ධනය පිළිබඳ තීරණ ගැනීමේ හැකියාව සහතික කර ග්‍රාමීය අංශය භෞතික, ආර්ථික හා සමාජ පරිසරය පූර්ණ සංවර්ධනයට ලක් කොට ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම."

 

ඉලක්ක

  • ආදායම් සහ රැකියා සදහා ආර්ථික අවස්ථා පුලුල් කිරීම.
  • ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම.
  • වඩා හොද පරිසරයක් නිර්මාණය කිරීම.
  • තිරසාර ගෘහ ආර්ථික ඒකක ශක්තිමත් කිරීම.
  • ග්‍රාමීය යටිතල පහසුකම් පුලුල් කිරීම.

 

අරමුණු

  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 හි ග්‍රාම නිලධාරී වසම් 295 හි ගෘහ ආර්ථීක ඒකක චිරස්ථායි ලෙස සවිබල ගැන්වීම
  • දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා මුදුන්පමුණුවා ගැනීම සහ සංවර්ධන විෂමතා අවම වන ආකාරයට එක් ගමකට එක් වැඩක්, දිස්ත්‍රික් අයවැය සහ අනෙකුත් රජයේ මූල්‍ය සම්පත් ප්‍රශස්ථ ලෙස ආයෝජනය කිරීම
  • සංවර්ධන වැඩ සටහන්වල භෞතික හා මූල්‍ය ප්‍රගතිය 100% ක් වන ප්‍රශස්ථ මට්ටමෙහි පවත්වාගෙන යාම
  • දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ, ආර්ථික ගැටළු කඩිනමින් විසඳීම සඳහා ගරු දේශපාලන නායකත්වය,රාජ්‍ය ආයතන, පුද්ගලික අංශය යන පාර්ශව සමඟ විධිමත් හා කාර්යක්ෂම සම්බන්ධීකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම
  • දිස්ත්‍රික්කයේ සියළුම සංවර්ධන කටයුතු මෙහෙයවීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය
  • දිස්ත්‍රික්කයේ සියළුම සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා පහසුකාරක ක්‍රියාවලියක් පවත්වාගෙන යාම

 

කාර්යභාරය

  • දිස්ත්‍රික්කය තුල සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම.
  • දිස්ත්‍රික් සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවීම,අධීක්ෂණය සහ ප්‍රගතිය විමර්ශනය කිරීම.
  • එක් ගමකට එක් වැඩක් වැඩසටහන ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය.
  • එක් ගමකට එක් වැඩක් (විශේෂ) වැඩසටහන ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය.
  • දිස්ත්‍රික් අයවැය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය.
  • පළාත් මාර්ග සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම,අධීක්ෂණය සහ ප්‍රගති පාලනය.
  • දිළිඳුකමින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ වැඩ සටහනට අදාල දිස්ත්‍රික් කාර්යභාරය.
  • දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම හා පස් අවුරුදු සංවර්ධන සැලැස්ම සකස් කිරීම හා ප්‍රගති පාලනය.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ සම්පත් පැතිකඩ සකස් කිරීමට මඟ පෙන්වීම.
  • දිස්ත්‍රික් තොරතුරු හා දත්ත පද්ධතිය, සම්පත් පැතිකඩ සකස් කිරීම හා යාවත්කාලීන කර පවත්වාගෙන යාම.
  • දිස්ත්‍රික් සම්බන්ධීකරණ හා සංවර්ධන කමිටුවට අදාල සියලු කටයුතු මෙහෙයවීම හා පවත්වාගෙන යාම.
  • සංවර්ධන කාර්යභාරයට අදාලව අවශ්‍ය තොරතුරු හා මඟ පෙන්වීම් ලබාදීමේ පහසුකාරක වශයෙන් ක්‍රියා කිරීම.

 

දිස්ත්‍රික් සැලසුම් ඒකකයේ කාර්යයන්

  • වාර්ෂික ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම සකස් කිරීම
  • විමධ්‍යගත අයවැය වැඩසටහන සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම
  • එක් ගමකට එක් වැඩක් වැඩසටහන සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම
  • පලාත් මාර්ග සංවර්ධන වැඩසටහන සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම
  • දිස්ත්‍රික් සංවර්ධන ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම
  • ප්‍රාදේශීය මට්ටමේ සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීම
  • දිස්ත්‍රික් මෙහෙයුම් මැදිරිය ශක්තිමත් කිරීම හා පවත්වාගෙන යාම
  • ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
  • දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වීම හා පහසුකම් සැපයීම
  • ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම
  • ප්‍රාදේශීය මට්ටමේ රෝග නිර්ණය හා ගැටළු හදුනා ගැනීම, සමීක්ෂණ අභ්‍යාස
  • වෙනත් සංවර්ධන කටයුතු සම්බන්ධ ක්‍රියාකාරකම්

 

ගිණුම් අංශය

ගිණුම් අංශය

M. Lalaignanasundram

එම්. කලෙයිඥානසුන්දරම් මහතා
ප්‍රධාන ගණකාධිකාරී

 


Samarathna Accountant

එච්.එම්.ටී.ඩී.කේ. සෝමතිලක මහත්මිය
ගණකාධිකාරී

 

 
දු.ක : 027 22 22291 / විද්‍යුත් තැපැල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

අපගේ දැක්ම

විනිවිදභාවයත්, කාර්යක්ෂමතාවයත් තුලින් සම්පත් මනා උපයෝජනය කිරීම හා වාර්තාගත කිරීමේ නියමුවා බවට පත්වීම.

අපගේ මෙහෙවර

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා රජයේ සංවර්ධන අරමුණු ලගාකර ගැනීම සඳහාත්, රාජ්‍ය මූල්‍ය, මානව හා භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳව රජයේ වගකීම් නිසි ලෙස ඉටු කිරීම සඳහා සහාය වීම.

 

විෂය අංකය

රාජකාරිය

ගි01

ගිණුම් අංශයේ සමස්ථ පාලනය සහ අධීක්ෂණය

ගි02

වැය ලෙජර

ගි03

විගණන විමසුම්

121 වැය ලෙජරය   සහ වියදම් වාර්තා

ගි04

රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප්‍රතිපාදන

ගි05

වැටුප් ලෙජරය සහ වැටුප් සැකසීම

ගි06

මුදල් පොත ගිණුම් අංක 7042222

ගි07

ප්‍රසම්පාදන කටයුතු

ගි08

ආදායම් ගිණුම

ගි09

275 පාලන වැය ලෙජරය සහ සියලු වාර්තා

ගි10

අක්මුදල් ගිණුම්

ඒකාබද්ධ ගිණුම් සාරාංශය

ගි11

සරප් අංශයේ කටයුතු

ගි12

පිබිදෙමු පොළොන්නරුව වැය ලෙජරය

ගි13

විශ්‍රාම වැටුප්

ගි14

පොදු තැන්පත්

බැංකු සැසදුම් ප්‍රකාශ

ගි15

අත්තිකාරම් බී ගිණුම

F16

ගබඩා කළමනාකරණය

F17

බැංකු සැසදුම් ප්‍රගති වාර්තා

වැට් වාර්තා

භාණ්ඩ සමීක්ෂණ වාර්තා

වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම් වාර්තාව

 

ඉංජිනේරු අංශය

ඉංජිනේරු අංශය

B.D.K. Chandrasena

බී.ඩී.කේ. චන්ද්‍රසේන මහතා
දිස්ත්‍රික් ඉංජිනේරු

දු.ක : 027-2222269

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉංජිනේරු අංශය පුරා වසර 10කට අධික කාලයක් ස්වකීය අද්විතීය සේවය ඉංජිනේරු කාර්යයන් තුල මනාව ඉටුකරමින් සිටී. කාලය ගතවීමත් සමග අංශයේ කටයුතු වඩාත් පුලුල් වූ අතර ඒ අනුව නිලධාරීන් 11 දෙනෙකු මේ වනවිට සේවයේ යෙදී සිටී.

මෙම අංශයේ ප්‍රමුඛතම කාර්යය වනුයේ දිස්ත්‍රික්කය තුල සිදුවන සියලු ඉදිකිරීම් කටයුතු දිස්ත්‍රික් ලේකම්තුමාගේ අධීක්ෂණය යටතේ තාක්ෂණික නිලධාරීන්ගේ මනා කැපවීමෙන් ඉතා උසස් ප්‍රමිතියෙන් යුතුව ඉටුකිරීමයි.

 

කාර්යය මණ්ඩලයේ සංයුතිය

දිස්ත්‍රික් ඉන්ජිනේරු 01
සංවර්ධන නිලධාරී 02
තාක්ෂණ නිලධාරී 02
සැලසුම් ශිල්පි 00
විදුලි කාර්මික ශිල්පි 01
තාක්ෂණික සහකාර 02
කළමනාකරණ සහකාර 02
කාර්යාල කාර්යය සහායක 01

 

සමාජ වගකීම්

  • මහජනතාවගේ යහපැවැත්ම සදහා ආරක්ෂාව හා යහපත තහවුරු කිරීම.
  • සමාජයේ අරමුදල් සහ සම්පත් හොදින් භාවිතා කිරීම.
  • පරිසරය හා සමාජය මත ඉංජිනේරුමය ව්‍යාපෘතිවල බලපෑම ගැන සැලකිළිමත්වීම.
  • කිසියම් ව්‍යාපෘතියක් මත වැඩකිරීම ප්‍රතික්ෂේප කිරීම
  • වැඩ ආරම්භ කිරීමට ප්‍රථම සියලු ව්‍යාපෘතිවල නීතියානුකූලභාවය ගැන සැලකිළිමත්වීම.
  • සමාජ වගකීම් පිළිබදව කාර්යය මණ්ඩලය දැනුවත් කිරීම.
  • මෙම ක්‍රියාමාර්ග සදහා බලපෑම් කලහැකි සියලු ක්‍රියාකාරකම් සදහා වගකීම දරනු ලබන්නේ සමාජය හා ජනතාවය.
  • නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සදහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
 
සමාජ වගකීම් සහතික කිරීම
  • පවත්නා වර්ෂය තුල සාධාරණ ස්ථාවර මිලක් පවත්වාගෙන යාම සදහා මිල නියම කිරීමේ කමිටුව පවත්වාගෙන යාම.
  • නව ව්‍යාපෘති සදහා සුදුසු කොන්ත්‍රාත්කරැවන් තෝරාගැනීම සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම.
  • ඉදිකිරීම්වල ප්‍රමිතිය පවත්වාගෙන යාම සදහා ක්ෂේත්‍ර පරීක්සාව.
  • ඉදිකිරීම්වල ගුණාත්මකභාවය පවත්වාගෙන යාම සදහා පරීක්ෂණ වාර්තා එකතු කිරීම .
  • ඉදිකිරීමවල ප්‍රගතිය පවත්වාගෙන යාම සදහා ප්‍රගති සමාලොචන රැස්වීම් පැවැත්වීම.

 

මෝටරථ අංශය

මෝටරථ අංශය

Chief Examinor

ආර්.එම්.ඒ. පද්මකුමාර මහතා
මෝටරථ පරීක්ෂක

   

දු.ක :027 22 25818

අරමුණ හා කාර්ය භාරය :-

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නිසි මෝටර්රථ නියාමනයට සහ යහපත් රියදුරන් බිහිකිරීමට ඇප කැප වීම. නවීන තාක්ෂණය යොදා ගනිමින් මෝටර් වාහන සහ අනෙකුත් නීති රෙගුලාසි ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ඉහළ මහජන ප්‍රසාදයක් උදෙසා කැප වීම හා සාක්ෂාත් කර ගැනීම.

 


දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය

Sudeera

ලුතිනන් කර්නල් ඒ.ජේ.එස්. අබේනායක මහතා
ආපදා කලමනාකරණ සහකාර අධ්‍යක්ෂ

 දු.ක :027-2226676

දැක්ම   :-

ආපදාවන්ගෙන් සුරක්ෂිත වූ ශ්‍රී ලංකාවක්.

අරමුණ :-

ශ්‍රී ලංකාවේ වැසියන් දේපළ හා පරිසර ආපදාවන්ගෙන් ආරක්ෂා කරගැනීම.

 

 

රජරට නවෝදය ජනපති වැඩසටහන පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද අපවහන ජල මාර්ග පිළිසකර කිරීමේ වැඩසටහන

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

දිග ප්‍රමාණය (km)

පිළිසකර කරන අපවහන ජලමාර්ග ප්‍රමාණය

දළ ඇස්තමේන්තුව

භෞතික ප්‍රගතිය

(%)

01

තමන්කඩුව

65.7

45

මිලියන 9.9

100%

02

ඇළහැර

32

34

මිලියන 6.3

100%

03

දිඹුලාගල

160.05

83

මිලියන 20.5

100%

04

මැදිරිගිරිය

111

24

මිලියන 17.8

100%

05

හිගුරක්ගොඩ

57.95

47

මිලියන 10.3

100%

06

ලංකාපුර

100.4

20

මිලියන 18.3

100%

07

වැලිකන්ද

43.5

14

මිලියන 7.6

100%

 එකතුව

570.6

267

මිලියන 90.7

-

කෘෂිකර්ම අංශය

කෘෂිකර්ම අංශය

Agri director

ජේ.එස්.එම්.එස්. සමරකෝන් මැණිකේ මිය

කෘෂිකර්ම අධ්‍යක්ෂ

   
Weerakkodi

ඩබ්.එම්.ටී. වීරක්කොඩි මහතා
සහකාර අධ්‍යක්ෂ පොහොර

දු.ක :027-2226217

 

කෘෂිකර්ම අංශයේ අරමුණු හා කාර්යභාරය:-


    • · ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය තහවුරු කිරීම
    • · ව්‍යාපෘති නිසි කලට ක්‍රියාත්මක කිරීම
    • · කඩිනම් ආහාර නිෂ්පාදන වැඩසටහන් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම
    • · කෘෂිකර්ම කේෂත්‍රයට අදාල සියලුම ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම හා අනෙකුත් ආයතන සම්බන්ධීකරණය කිරීම.
    • · කෘෂිකර්ම අමාත්‍යංශය හා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම.

                                                                                                                                                                                                                                                                                                                                                                   


කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය

1111

ඩී.එම්. ඩිලානි මැණිකේ මහත්මිය
සහකාර අධ්‍යක්ෂ (කුඩා ව්‍යාපාර සංවර්ධන)

දු.ක :027-2224716

දැක්ම :-  

තිරසාර සංවර්ධන සදහා ව්‍යවසායකත්ව හා ව්‍යාපාර සංවර්ධනය.

 

මෙහෙවර:-  

රැකිය විරහිත තරුණ පෙළ තුළ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරිම.

තරුණ තරුණියන් ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු කිරිම.

ව්‍යාපාර වල කාර්යාක්ෂතාවය සහ ඵලදායිතාවය වර්ධනය.

ව්‍යාපාර සංවර්ධනයට අදාළ සහන සේවාවන් සැපයිම.

 

අරමුණු :-

තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය කිරිම තුළින් දේශිය වයවසායකත්ව සංස්කෘතියක් ගොඩනැංවීම.

තරුණ තරුණියන්ට ව්‍යාපාරික අවස්ථා හදුන්වා දිමත් ,ව්‍යාපාර ආරම්භ කිරිම සදහා ඔවුන් යොමු කිරිමත් තුළින් රැකියා උත්පාදනය සහ ජිවන තත්ත්වය උසස් කරලීම.

තරුණ තරුණියන්ගේ ව්‍යාපාර වල කාර්යක්ෂතාවය සහ ඵලදායිතාව වර්ධනය කිරිම තුළින් රැකියා උත්පාදනය වැඩි කරලීම ,ආදායම් මට්ටම ඉහළ නැංවීම.

සුක්ෂම සහ කුඩා ව්‍යාපාර ගුණාත්මක සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට සක්‍රිය දායකත්වයක් ලබා දීම.

 

කාර්යභාරය:-

  • ·තරුණ පරපුර තුළ වයවසායකත්ව ගුණාංග ඇති කරවීම
  • ·රට තුළ ව්‍යවසායකත්ව සංස්කෘතිය ප්‍රවර්ධනයට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරිම
  • ·ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරිමේ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම
  • ·තරුණ ව්‍යාවසායකත්වයට ව්‍යාපාර සැළසුම් සකස් කර ගැනිමට සහායවීම
  • ·නිෂ්පාදන හා සේවාවන් හී ගුණාත්මකභාවය ඉහළ නංවාලීමට සහායවීම
  • ·කුඩා ව්‍යාපාර හා එම ක්ෂේත්‍රය පාදක කර ගත් පර්යේෂණ පැවැත්වීම
  • ·කුඩා ව්‍යාපර සදහා නුතන තාක්ෂණික සේවා ලබා දීමට සහාය වීම
  • ·ව්‍යාපාරිකයන්ගේ සන්නාම් නාම ප්‍රවර්ධනයට සහාය වීම
  • ·ව්‍යාපාර උපදේශණ සේවාවන් ලබා දීම
  • ·විද්‍යුත් වෙළද අවස්ථාවන් හදුන්වා දීම
  • ·ව්‍යාපාර සංවර්ධනයට අවශ්‍ය මුල්‍ය පහසුකම් සැපයීම
  • ·කුඩා ව්‍යාරිකයිගේ නිෂ්පාදන හා සේවා සදහා වෙළදපොල පහසුකම් සපයා දීම
  • ·ව්‍යවසායක සංගම් හා පාර්ශවද ගොඩනගමින් ව්‍යවසායකයන් ජාලගත කිරිම
  • ·සාර්ථක ව්‍යවසායකයින් ඇගයීමට හා සම්මානයට ලක් කිරිම

 

මාධ්‍ය ඒකකය

මාධ්‍ය ඒකකය

එම්.පී.ජී.ඩබ්. කස්තුරි ආරච්චි මහතා
ප්‍රවෘති නිලධාරී

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් මීට වසර 12කට ඉහතදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් මාධ්‍ය ඒකක පිහිටුවන්නට යෙදුණි. ඒ අනුව සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල මෙම ප්‍රවෘත්ති අංශ ස්ථාපිත කළේය. පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද පොලොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නමින් ප්‍රවෘත්ති අංශයක් පිහිටුවිය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මඟින් රජය බලාපොරොත්තුවූයේ දිස්ත්‍රික්කයේ සිදුවන සංවර්ධන කටයුතු සම්බන්ධව ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් ජනතාව අතරට ගෙනයාමය. රජය මඟින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම මෙමඟින් බලාපොරොත්තු විය. මේ සඳහා රාජ්‍ය මාධ්‍ය මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදාගැනීම සිදු විය. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සදහා යොදා ගැනෙන විමධ්‍යගත පළාත්සභා හා වෙනත් ප්‍රතිපාදන යොදාගෙන දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් හි ප්‍රගතිය එහි ගැටළු සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ දත්ත හඳුනාගෙන ඒවා සියලුම මාධ්‍යවලට ලබාදීම මෙම අංශය මඟින් සිදුකරනු ලබන ප්‍රමුඛතම කාර්යයකි. විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ මෙහෙයුම හා අධීක්ෂණය යටතේ පවත්වනු ලබන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් හා සම්බන්ධීකරණ කමිටු රැස්වීම් යනාදියට සහභාගී වී එහි තොරතුරු ලබාගැනීම සිදු කෙරේ. දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්  සම්බන්ධීකරණය කර අදාල තොරතුරු ලබාදීමට ද කටයුතු කරයි. එසේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 හිම පැවැත්වෙන රැස්වීම් වැඩමුළු හා උත්සව සම්බන්ධීකරණය කර එම තොරතුරු මාධ්‍යවලට ලබාදීම ද මෙහි තවත් කාර්යයකි.

මෙම කාලය තුළදී පොලොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් දිසාපතිවරයාගේ අනුදැනුමට යටත්ව පහත සදහන් කාර්යයන් ඉටු කර ඇත.

  • සියලු කමිටු රැස්වීම් ආවරණය කිරීම හා තොරතුරු මාධ්‍ය වලට නිකුත් කිරීම
  • පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රමෝපායන් සංවර්ධන සැලැස්ම පිළිබඳ පැවති සියලුම වැඩමුළු ආවරණය කිරීම
  • පොලොන්නරුව දිස්ත්‍රික්  ක්‍රීඩා අංශය මගින් සිදුකරනු ලබන තරඟාවලීන් සම්බන්ධව ආවරණ කටයුතු ලබාදීම හා මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම
  • දෛනිකව මුද්‍රිත මාධ්‍ය වල පලවන වාර්තා ඒකරාශී කිරීම
  • පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත විවිධ අංශ වල සංවර්ධන ක්‍රියාකාරකම් හා සම්බන්ධීකරණය වීම හා අදාළ වාර්තා මාධ්‍ය වලට නිකුත් කිරීම
ජන හා සංඛ්‍යාලේඛන අංශය

ජන හා සංඛ්‍යාලේඛන අංශය

R.D.A.W Rathuvithara

ආර්.ඩී.ඒ.ඩබ්. රතුවිතාන මහතා

සංඛ්‍යාලේඛනඥ

දු.ක:- 027-2222272 

 

කාර්යභාරය

  • සංගණන කටයුතු
  • සමීක්ෂණ කටයුතු
  • සාමාන්‍ය දත්ත රැස් කිරීමේ කටයුතු
  • වාර්ෂික සංඛ්‍යාලේඛන අත්පොත සකස් කිරීම
  • විශේෂ දත්ත රැස් කිරීම් කටයුතු
 
සංගණන කටයුතු
  • ජන හා නිවාස සංගණනය
  • කෘෂිකාර්මික සංගණන
  • කර්මාන්ත සංගණනය
  • වෙළද හා සේවා සංගණනය
 
සමීක්ෂණ කටයුතු
  • වී අස්වැන්න ඇස්තමේන්තු කිරීම
  • ශ්‍රම බල සමීක්ෂණ කටයුතු
  • ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණය
  • වාර්ෂික කර්මාන්ත සමීක්ෂණය
  • ත්‍රෛ මාසික කාර්මික නිෂ්පාදන සමීක්ෂණය‍
  • වාර්ෂික ඉදිකිරීම් කර්මාන්ත සමීක්ෂණය
  • පොල් නිෂ්පාදන වියදම් සමීක්ෂණය
 
සාමාන්‍ය දත්ත රැස් කිරීම් කටයුතු (සතිපතා/මාසිකව/කන්න/කාර්තු/වාර්ෂික වශයෙන්)
  • වී සංඛ්‍යාලේඛන
  • ගොඩ ගොවිතැන් සංඛ්‍යාලේඛන
  • සතුන් පිළිබද සංඛ්‍යාලේඛන
  • මස් පිණිස මරණ ලද සතුන්ගේ සංඛ්‍යාලේඛන
  • ගොඩනැගිලි සංඛ්‍යාලේඛන
  • පළාත් පාලන ආයතන සංඛ්‍යාලේඛන
  • නාගරික සිල්ලර මිල රැස් කිරීම
 
වාර්ෂික සංඛ්‍යාලේඛන අත්පොත සකස් කිරීම
  • ප්‍රා.ලේ. කොට්ඨාශවලට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් මගින් අදාල යාවත්කාලීන ප්‍රාදේශීය දත්ත ලබා ගෙන එමගින් මෙම අත්පොත සකස් කිරීම
 
විශේෂ දත්ත රැස්කිරීම් කටයුතු
  • දෙපාර්තමේන්තුව විසින් පවරන ලද වෙනත් විශේෂ සමීක්ෂණ කටයුතු සහ දත්ත රැස් කිරීමේ කටයුතු
    • නිදසුන් :- ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳ ගුණාත්මක සමීක්ෂණය - 2012 අගෝ:/සැප්:
  • ජාත්‍යන්තර මිල සංසන්ධණාත්මක වැඩ සටහන
පුපුරණ ද්‍රව්‍ය අංශය

පුපුරණ ද්‍රව්‍ය අංශය

b dumy

ඩබ්.ඒම්.ඒ්.ඩබ්.ආර්.කේ. වීරසේකර මහතා
සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක (වැ.බ.)

 

මෙම අංශයේ කටයුතු ප්‍රධාන ක්ෂේත්‍ර 02ක් යටතේ සිදුකෙරේ.

  1. පුපුරණ ද්‍රව්‍ය විෂය හා සම්බන්ධ කටයුතු
  2. ගිණිඅවි විෂය සම්බන්ධ කටයුතු

පුපුරණ දුව්‍ය විෂය හා සම්බන්ධ කටයුතු

වාණිජ මට්ටමේ පුපුරණ ද්‍රව්‍ය භාවිතය සදහා අදාල වන පුපුරන ද්‍රව්‍ය අවසර පත්‍ර හෝ පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර මෙම විෂය යටතේ නිකුත් කෙරේ.

පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍ර නිකුත් කිරීම
  • වාණිජ මට්ටමේ කැනීම් (පිපිරවීම්) සදහා පුපුරණ ද්‍රව්‍ය අවශ්‍ය වූ විට පුපුරණ ද්‍රව්‍ය අවසරපත්‍ර මෙහිදී නිකුත් කරනු ලැබේ.
    • ගල් වලවල් (ගල් කොරි) කර්මාන්තය සහ 2017 මුල්‍ය වාර්තාව
  • වාණිජමය නොවන කැනීම් කටයුත්තක් සදහා පුපුරණ ද්‍රව්‍ය අවශ්‍ය වූ විට එම අවශ්‍යතාවය සදහා පුපුරණ ද්‍රව්‍ය සැපයීමට පුපුරණ ද්‍රව්‍ය අවසරපත්‍ර නිකුත් කරනු ලැබේ.
    • අත්තිවාරම් කැපීම හෝ ලිදක් කැනීම වැනි කටයුත්තකදී බාධක බිද හෙලීම.

 

පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම
  • ගිණිකෙලි වාණිජමය වශයෙන් සැපයීම සදහා පුපුරණ ද්‍රව්‍ය සැපයීම.
  • ගිණිඅවි විෂය සම්බන්ධ කටයුතු.
  • මෙම බලපත්‍ර සදහා පතරොම් නිකුත් කිරීම.

 

පුපුරණ ද්‍රව්‍ය අංශයේ විශේෂ කටයුතු

  • භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය මගින් පවත්වනු ලබන විවිධ පරීක්ෂණ පිපිරවීම් සදහා සහභාගීවිම සහ අවශ්‍යකරන නිර්දේශ ලබාදීම.
  • මෙම පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කර්මාන්තවල ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකිරීම.

සමෘද්ධි අංශය

සමෘද්ධි අංශය

Samurdhi

ආර්.ඒම්.ඒල්.ඩබ්. ලක්ෂ්මි රත්නායක මිය
සමෘද්ධි අධ්‍යක්ෂ 

දු.ක :027-2222517    විද්‍යුත් තැපැල :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 

දැක්ම:-

වසර 2030 වන විට දුගී බවෙන් තොර,සවිබලගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනය බවට පතිවීම.

 

මෙහෙවර :-

ආන්තීකරණයට පත් ජනතාව (ආර්ථිකමය, සමාජීයය, දේශපාලනික, භෞතික, මානසික, නෛතික හා පාරිසරික) සවිබලගැන්වීම හා ප්‍රාදේශීය විශමතාවය අවම කිරීම සදහා කාර්යක්ෂම, සඵලදායී, වේගවත් හා ඵලදායී විසදුම් ජනතාහිතකාමී ලෙස ක්‍රියාවට නැංවීම සදහා දෙපාර්තුමේන්තු, ප්‍රජාමූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘතිකයන්, රජය, පෞද්ගලික අංශය, ජනතාව සහ දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශීය හා ගෝලීය ආයතන වලද සහභාගීත්වයෙන් දුගී බවෙන් තොර, සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීම තුලින් ආර්ථික සංවර්ධනයට දායකවීම.

ශ්‍රී ලංකාවේ වෙසෙන අඩු ආදායම්ලාභී සහ ආවාසි සහගත කණ්ඩායම් වලට ඇතුලත් වන පුද්ගල පවුල් කණ්ඩායම් සහ  ප්‍රජාවගේ දිළිදු බව තුරන් කිරීම සහ සමාජ සාධාරනත්වය සහතික කරනු ලබන සමාජයක් බිහිකිරීම සදහා අවශ්‍ය වන ප්‍රජාව කේන්ද්‍ර කොටගත් සංවර්ධන වැඩසටහනක් ලෙස සමෘද්ධි වැඩසටහන හැඳින්විය හැක.

ඵසේම ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, පවුල් වෙනුවෙන් ආහාර සුරක්ෂිත තාවය සහතික කිරීම, ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය ඉහළ දැමීම සදහා ක්ෂුද්‍රමූල්‍ය ණය පහසුකම් සැපයීම  ඉතුරුම්  ක්‍රියාවලිය සදහා ප්‍රජාව යොමු කරමින් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතියක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම මගින් ප්‍රජා මට්ටමේ  ජාතික සංවර්ධනය ක්‍රියාවලියනට ජනතාව ඵ්කරාශී කිරීම ප්‍රජාවගේ භෞතික හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා පුද්ගල හා පවුල  කේන්ද්‍ර කොටගෙන දිරිය පියස නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,  සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අඩු ආදායම් පවුල් වල දරුවන් සදහා ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා දරුවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සදහා කැකුළු ළමා සමාජ ක්‍රියාත්මක කිරීම හා ඟරග සංවිධානය කිරීම,  සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ආකල්ප සංවර්ධනය කිරීම, අඩු ආදායම්ලාභී වැඩසටහන් සඳහා සමෘද්ධි සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා ජාතික සංවර්ධන ක්‍රියාවලියකට ජනතාව ඵ්කරාශී කිරීමට දිවිනැගුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දායකවීම වශයෙන් පුද්ගලයන්ගේ සිට පවුල, ප්‍රජාව හා ගම  සංවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් සමෘද්ධි වැඩසටහන මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. 

 

ක්‍රියාත්මක වන වැඩසටහන්

  • බැංකු වැඩසටහන
    • ඉතුරුම් ක්‍රියාවලිය - තැන්පතු පවත්වාගෙන යාම, සාමාජික, සාමාජික නොවන, කණ්ඩායම්, දිරියමාතා, ළමා සිසුරක, කැකුළු, අනිවාර්ය
    • ණය වැඩසටහන - ස්වයං රැකියා ණය, නිවාස ණය, පාරාභෝගික ණය, ආපදා, මිහිජය, කිරුළ, දිවිනැගුම, ඉසුර
  • සමාජ සංවර්ධන වැඩසටහන
    • දිරිය පියස නිවාස වැඩසටහන
    • මත් ද්‍රව්‍ය නිවාස වැඩසටහන
    • ළමා සමාජ වැඩසටහන
  • සමාජ ආරක්ෂණ වැඩසටහන
  • ජීවනෝපාය සංවර්ධන වැඩසටහන
  • දිවිනැගුම ගෙවතු වැඩසටහන
  • සමෘද්ධි සහනාධාර වැඩසටහන

පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ සමෘද්ධි වැඩසටහන ග්‍රාමනිලධාරී වසම් 295ක්, බැංකු සංගම් 22ක් මගින් ක්‍රියාත්මක ව සමෘද්ධි කළමනාකරුවන් 33ක් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 428ක් මේ සඳහා සේවයේ යොදා ඇත.

 

FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොළොන්නරුව. සියළු හිමිකම් ඇවිරිනි.

gic si

අවසන් යාවත්කාලීනය: 19 August 2026.