![]() |
Divisional Secretariats
News & Events
Meeting & GA Programme
Government Service Centers
Related Links
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 78 වන නිදහස් දින සැමරුම
78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කකයේ නිදහස් දින සැමරුම
මෙම අවස්ථාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින්, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි මහතා හා පද්මසිරි බංඩාර මහතා සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.
ජාතික නිදහස් උත්සවය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ හා රංගායතනවල ඉගෙනුම ලබන දරු දැරියන්ගේ අලංකාරවත් නර්තනාංගයන්ගෙන් උත්කර්ෂවත් ස්වරූපයක් ගෙන තිබු අතර ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය මගින් පැවැත්වූ ආචාර පෙළපාලි වලින් හා තූර්යවාදන සංදර්ශනවලින් මෙම උත්සවයට අභිමානයක් එක් කර තිබුණි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සෞභාග්‍යා තිරසාර කෘෂිකාර්ම සංවර්ධන වැඩසටහන
සෞභාග්‍යා තිරසාර කෘෂිකාර්ම සංවර්ධන වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෘෂිකර්ම වැඩසටහන්වල ප්‍රගතිය, ගොවීන් දිස්ත්‍රික් මට්ටමින් මුහුණදෙන ගැටළු සාකච්ඡාවට ලකකිරීම හා නව කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් හදුන්වාදීමේ වැඩසටහන 2021.07.27 දින පුලතිසි චන්ද්‍ර මණ්ඩප රංග ශාලාවේ දී පැවැත්විය.
එහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් වෙන් කොට ඇති ප්‍රතිපාදන ඒවා යොදවා ක්‍රියාත්මක වන වැඩසටහන්, මේ වන විට එහි ප්‍රගතිය, නිලධාරීන් හා ගොවි ජනතාව මුහුණ පෑමට ඇති ගැටළු පිළිබඳව පැය හතරකට වඩා වැඩි කාලයක් මෙහිදී සමාලෝචනය කරන ලදි.
මෙම අවස්ථාව සදහා කැබිනට් අමාත්‍ය ගරු මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.බී. හේරත් මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු සිරිපාල ගම්ලත් මැතිතුමා, දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සභාපති ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමා ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික් මහජන නියෝජිතයින් මෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමා, පොළොන්නරු දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ආයතන රැසක රාජ්‍ය නිලධාරීන් හා පළාත් රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ජාවට සහභාගී විය.

|
|
|
|
|
|
|
|
කොරෝනා මර්ධන එන්නත් ලබාදීම
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනතාව වෙනුවෙන්, කොරෝනා මර්ධන සඳහා ලබාදෙන එන්නත් ලබාදීම 2021.06.08 දින උදෑසන, දිස්ත්‍රික්කයේ දැඩි අවදානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් වන තමන්කඩුව හා හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයන්හි තෝරාගත් ග්‍රාම සේවා වසම් වලින් ආරම්භ කෙරිණි.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සදහා කොරෝනා මර්ධන එන්නත් ලබාදීම 2021.06.10 දින උදෑසන ආරම්භ විය
|
|
|
|
|
|
|
|
|
|
|
|




































































