සෞභාග්‍යා තිරසාර කෘෂිකාර්ම සංවර්ධන වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෘෂිකර්ම වැඩසටහන්වල ප්‍රගතිය, ගොවීන් දිස්ත්‍රික් මට්ටමින් මුහුණදෙන ගැටළු සාකච්ඡාවට ලකකිරීම හා නව කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් හදුන්වාදීමේ වැඩසටහන 2021.07.27 දින පුලතිසි චන්ද්‍ර මණ්ඩප රංග ශාලාවේ දී පැවැත්විය.
එහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් වෙන් කොට ඇති ප්‍රතිපාදන ඒවා යොදවා ක්‍රියාත්මක වන වැඩසටහන්, මේ වන විට එහි ප්‍රගතිය, නිලධාරීන් හා ගොවි ජනතාව මුහුණ පෑමට ඇති ගැටළු පිළිබඳව පැය හතරකට වඩා වැඩි කාලයක් මෙහිදී සමාලෝචනය කරන ලදි.
මෙම අවස්ථාව සදහා කැබිනට් අමාත්‍ය ගරු මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.බී. හේරත් මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු සිරිපාල ගම්ලත් මැතිතුමා, දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සභාපති ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමා ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික් මහජන නියෝජිතයින් මෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමා, පොළොන්නරු දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ආයතන රැසක රාජ්‍ය නිලධාරීන් හා පළාත් රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ජාවට සහභාගී විය.

|
|
|
|
|
|
|
|











