“𝗖𝗹𝗲𝗮𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮” සමඟ පොළොන්නරු දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නව වසර සමාරම්භය
2025 නව වර්ෂයේ රාජකාරි ආරම්භය අද පොළොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාලීය පරිශ්රයේදී දිස්ත්රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරුණි.
ඒ චාරිත්රානුකූලව කිරි උතුරවා සර්ව ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුවයි.
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රයේ අද (2025.01.01) රාජකාරි ආරම්භයට සමගාමීව මාර්ගගතව සජීවීව සිදුකළ Clean Sri Lanka වැඩසටහන හා සම්බන්ධවෙමින් රාජ්ය නිලධාරීන් ප්රතිඥා ලබාදීම පොළොන්නරුව දිස්ත්රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ ප්රධානත්වයෙන් මාණ්ඩලික නිලධාරීන්ගේ ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

















