75 වන ජාතික නිදිහස් දින සැමරුමට සමගාමීව, පොළොන්නරු දිස්ත්‍රික් නිදහස් දින සැමරුම 2023.02.04 වන දින පොළොන්නරුව නගරයේ දීප උයන පරිශ්‍රයේදී පැවැත් වු අතර, එහිදී හොදම ග්‍රාමීය පුනර්ජීවන කේන්ද්‍රය තේරීම , හොදම රුක් රෝපණ ව්‍යාපෘතිය තේරීම, හොදම ගෙවත්ත තේරීම සහ හොදම ශ්‍රමදාන වැඩසටහන ඇගයීම යන අංශයන්හි ජයග්‍රහයකින් සදහා ත්‍යාග හා සහතික පත්‍ර ප්රදානය සිදු කරන ලදි.
හොදම ග්‍රාමීය පුනර්ජීවන කේන්ද්‍රය තේරීම අංශයෙන් ප්‍රථම ස්ථානය දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 248 - යාය 05 ග්‍රාම නිලධාරි වසම දිනාගන්නා ලදි.
හොදම රුක් රෝපණ ව්‍යාපෘතිය තේරීම අංශයෙන් ප්‍රථම ස්ථානය වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 226 - සේනපුර ග්‍රාම නිලධාරි වසම දිනාගන්නා ලදි.
හොදම ගෙවත්ත තේරීම අංශයෙන් ප්‍රථම ස්ථානය ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 127 - බෞද්ධාර්ථගම ප්‍රියන්ද ලාල් කුමාර මහතා විසින් දිනාගන්නා ලදි.

හොදම ශ්‍රමදාන වැඩසටහන ඇගයීම අංශයෙන් ප්‍රථම ස්ථානය තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 160 - බටහිර අලුත්වැව ග්‍රාම නිලධාරි වසම දිනාගන්නා ලදි.





