78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කකයේ නිදහස් දින සැමරුම

මෙම අවස්ථාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින්, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි මහතා හා පද්මසිරි බංඩාර මහතා සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.

ජාතික නිදහස් උත්සවය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ හා රංගායතනවල ඉගෙනුම ලබන දරු දැරියන්ගේ අලංකාරවත් නර්තනාංගයන්ගෙන් උත්කර්ෂවත් ස්වරූපයක් ගෙන තිබු අතර ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය මගින් පැවැත්වූ ආචාර පෙළපාලි වලින් හා තූර්යවාදන සංදර්ශනවලින් මෙම උත්සවයට අභිමානයක් එක් කර තිබුණි.

       
       
       
       
       
       

“𝗖𝗹𝗲𝗮𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮” සමඟ පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව වසර සමාරම්භය

2025 නව වර්ෂයේ රාජකාරි ආරම්භය අද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

ඒ චාරිත්‍රානුකූලව කිරි උතුරවා සර්ව ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුවයි.

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ අද (2025.01.01) රාජකාරි ආරම්භයට සමගාමීව මාර්ගගතව සජීවීව සිදුකළ Clean Sri Lanka වැඩසටහන හා සම්බන්ධවෙමින් රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා ලබාදීම පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාණ්ඩලික නිලධාරීන්ගේ ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

 

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2


“ජාතික‍ පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ 2025.02.04 දින පැවැත්වුණු 77 වැනි ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙලට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික් ජාතික නිදහස් උත්සවය පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද මෙම ජාතික නිදහස් උත්සවය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ හා රංගායතනවල ඉගෙනුම ලබන දරු දැරියන්ගේ අලංකාරවත් නර්තනාංගයන්ගෙන් උත්කර්ෂවත් ස්වරූපයක් ගෙන තිබුණි. එලෙසම ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය මගින් පැවැත්වූ ආචාර පෙළපාලි වලින් හා තූර්යවාදන සංදර්ශනවලින් මෙම උත්සවයට අභිමානයක් එක් කෙරුණි.

මෙම අවස්ථාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින්, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි මහතා හා පද්මසිරි බංඩාර මහතා සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.

 

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2


76 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, පොළොන්නරු දිස්ත්‍රික් නිදහස් දින සැමරුම 2024.02.04 වන දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අභිමානවත් ලෙස සාර්ථකව පවත් වන ලදි.

 

F1

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2


 පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම

2026 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒ්කනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ සර්ව ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුවයි.

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2


දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මඟින් ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරින්ගේ ධාරිතා සංවර්ධන (CDLG) ව්‍යාපෘතියේ දෙවන අදියරේ වැඩමුළුව, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.03.30. දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පුහුණු ඒකකයේ පැවැත්විණි.

පළාත් පාලන ආයනන ඒකාබද්ධ කරමින් සිදු කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රමුඛ කර ගනිමින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 07 සහ අනෙකුත් පළාත් පාලන ආයතන සම්බන්ධීකරණයෙන් රාජ්‍ය සේවයේ කාර්යයන් පහසුකරමින් ජනතාවට වඩාත් ඵලදායී හා කාර්යක්ෂම සේවයක් ලබාදීමට අවශ්‍ය ප්‍රධාන ක්‍රියාකාරකම් 04 ක් ඹස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ඒඅනුව පුහුණු කළමනාකරණ පද්ධතියක් සකස් කිරීම , දිස්ත්‍රික්කය සඳහා පුරවැසි ප්‍රඥප්තිය,සංවර්ධනය සඳහා ඒකාබද්ධ සැලැස්ම, සම්පත් පැතිකඩක් සංවර්ධනය කිරීම යන ප්‍රධාන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සදහා ඊට අදාළ උප ක්‍රියාකාරකම් සකස් කිරීම මෙම වැඩමුළුව මඟින් සිදු කෙරුණි.

එහිදි සකස් කරන ලද උප ක්‍රියාකාරකම් සදහා දිස්ත්‍රික් ලේකම් තුමාගේ අනුමැතිය ලබා දුන් අතර ඉදිරියේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එම උප ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින්, සැලසුම් අධ්‍යක්ෂ, ප්‍රධාන ගණකාධිකාරි, ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළුව නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂ වරුන්,ගණකාධිකාරි වරුන් සහ තොරතුරු තාක්ෂණ නිලධාරින් මේ අවස්තාවට සහභාගී වූහ. .

 

IMG11 1

IMG11 1

IMG11 1

IMG11 1


75 වන ජාතික නිදිහස් දින සැමරුමට සමගාමීව, පොළොන්නරු දිස්ත්‍රික් නිදහස් දින සැමරුම 2023.02.04 වන දින පොළොන්නරුව නගරයේ දීප උයන පරිශ්‍රයේදී පැවැත් වු අතර, එහිදී හොදම ග්‍රාමීය පුනර්ජීවන කේන්ද්‍රය තේරීම , හොදම රුක් රෝපණ ව්‍යාපෘතිය තේරීම, හොදම ගෙවත්ත තේරීම සහ හොදම ශ්‍රමදාන වැඩසටහන ඇගයීම යන අංශයන්හි ජයග්‍රහයකින් සදහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය සිදු කරන ලදි.

 

Ind Dimbulagalaහොදම ග්‍රාමීය පුනර්ජීවන කේන්ද්‍රය තේරීම අංශයෙන් ප්‍රථම ස්ථානය දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 248 - යාය 05 ග්‍රාම නිලධාරි වසම දිනාගන්නා ලදි.

 

 Ind Thamankaduwaහොදම රුක් රෝපණ ව්‍යාපෘතිය තේරීම අංශයෙන් ප්‍රථම ස්ථානය වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 226 - සේනපුර ග්‍රාම නිලධාරි වසම දිනාගන්නා ලදි.

 

Ind Lankapuraහොදම ගෙවත්ත තේරීම අංශයෙන් ප්‍රථම ස්ථානය ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 127 - බෞද්ධාර්ථගම ප්‍රියන්ද ලාල් කුමාර මහතා විසින් දිනාගන්නා ලදි.

 

 Ind Thamankaduwa

හොදම ශ්‍රමදාන වැඩසටහන ඇගයීම අංශයෙන් ප්‍රථම ස්ථානය තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 160 - බටහිර අලුත්වැව ග්‍රාම නිලධාරි වසම දිනාගන්නා ලදි.


75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, පොළොන්නරු දිස්ත්‍රික් නිදහස් දින සැමරුම 2023.02.04 වන දින පොළොන්නරුව ද්ස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පවත් වන ලදි.

 

F1

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2

F2


කළමනාකරණ සේවා නිලධාරි සේවයේ Ⅲ ශේණියට බදවා ගැනීමේ සීමිත තරග විභාගය - 2019(2021) ප්‍රතිඵල මත, 2023.01.17 වන අද දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයට වාර්තා කරන ලද නිලධාරීන් සදහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි මහතාගේ සුරතින් විධිමත් පත්වීම් ලිපි ප්‍රධානය කරන ලදි.

MA4

MA5

MA6

MA4

MA5

MA10


දා වූ 2023 නව වර්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම, මහා සංඝරත්නයේ ආශිර්වාදය හා අන්‍යාගමික පුජකතුමන්ලාගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව 2023.01.02 දින උදෑසන පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්/දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සියලුම අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි. එහිදී ජාතික ධජය එසවීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් විසින් රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව/දිවුරුම ලබා දීම ද සිදුවිය.

 

F1

F2

F3

F4

F5

F6

F7

F8

F9

F10

F11

F12

F13


74 වන නිදහස් දිනට සමගාමීව පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී 2022.02.05 දින රුක් රෝපණ වැඩසටහනක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රාධානත්වයෙන් සහ සිංහ සමාජයේ අනුග්‍රහයෙන් සාර්ථක ලෙස පවත්වන ලදි.

T1

T1

T1


74 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ කෝවිඩ් 19 සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ 2022.02.04 දින රුක් රෝපණ වැඩසටහනක් කාර්යාල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදුකරන ලදි.

T1

T1

T1

T1

T1

T1

T1

T1

T1

T1

T1

T1


පොළොන්නරුව දිස්ත්‍රික් තෛපොංගල් උත්සවය හා සූර්ය මංගල්‍යය පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් 2022.01.19 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පවත්වන ලදි. එහි දී හින්දු ආගමික කටයුතු හින්දු පූජක තුමන්ලාගේ මූලිකත්වයෙන් සිදු කළ අතර, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමන් ප්‍රමුඛ නිලධාරීන් ඒහි ආගමික කටයුතු සදහා සහභාගී වන ලදි. එදින දමිළ ළමුන්ගේ නර්ථන සංදර්ශනයක් සහ කෝලම් රටා තරඟයක් සංවිධානය කර තිබූ අතර එම ළමුන් සඳහා තිළිණ ප්‍රදානය ද සිදු කෙරිණි.

 

T1

T1

T1

T1

T1

T1

T1

T1

T1

T1

T1

T1

T1

T1

T1

T1


උදා වූ 2022 නව වර්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම, මහා සංඝරත්නයේ ආශිර්වාදය හා අන්‍යාගමික පුජකතුමන්ලාගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව අද දින (2022.01.03) උදෑසන සිදු කරන ලදි. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්/දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සියලුම අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු වු අතර, එහිදී ජාතික ධජය එසවීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් විසින් රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව/දිවුරුම ලබා දෙන ලදි.

 

NY5

NY4

NY4

NY4

NY4

NY4

NY4


"උඩරට ගම්මඩු ශාන්තිකර්ම" කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පීඩා විදින ලෝකවාසි ජනතාවට ආශිර්වාද කිරීම උදෙසාත්, ශ්‍රී ලංකාවාසි සියළුම ජනතාවට උදාවන නව වසරට සෙත් පැතීම හා දේවාශිර්වාද කිරීමත්, සශ්‍රීකත්වය ප්‍රර්ථනා කිරීම උදෙසාත් 2021/12/30 දින ප.ව. 6.30 සිට පසුදා පහන් වන තුරු පොළාන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි.

 

S1

NY4

NY4

NY4

NY4

NY4

NY4

NY4

NY4

NY4

NY4

NY4

NY4

NY4

NY4

NY4


සෞභාග්‍යා තිරසාර කෘෂිකාර්ම සංවර්ධන වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෘෂිකර්ම වැඩසටහන්වල ප්‍රගතිය, ගොවීන් දිස්ත්‍රික් මට්ටමින් මුහුණදෙන ගැටළු සාකච්ඡාවට ලකකිරීම හා නව කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් හදුන්වාදීමේ වැඩසටහන 2021.07.27 දින පුලතිසි චන්ද්‍ර මණ්ඩප රංග ශාලාවේ දී  පැවැත්විය.

එහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් වෙන් කොට ඇති ප්‍රතිපාදන ඒවා යොදවා ක්‍රියාත්මක වන වැඩසටහන්, මේ වන විට එහි ප්‍රගතිය, නිලධාරීන් හා ගොවි ජනතාව මුහුණ පෑමට ඇති ගැටළු පිළිබඳව පැය හතරකට වඩා වැඩි කාලයක් මෙහිදී සමාලෝචනය කරන ලදි.

මෙම අවස්ථාව සදහා කැබිනට් අමාත්‍ය ගරු මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.බී. හේරත් මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු සිරිපාල ගම්ලත් මැතිතුමා, දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සභාපති ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමා ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික් මහජන නියෝජිතයින් මෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමා, පොළොන්නරු දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ආයතන රැසක රාජ්‍ය නිලධාරීන් හා පළාත් රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ජාවට සහභාගී විය. 

1

2

2

2

2

2

2


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනතාව වෙනුවෙන්, කොරෝනා මර්ධන සඳහා ලබාදෙන එන්නත් ලබාදීම 2021.06.08 දින උදෑසන, දිස්ත්‍රික්කයේ දැඩි අවදානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් වන තමන්කඩුව හා හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයන්හි තෝරාගත් ග්‍රාම සේවා වසම් වලින් ආරම්භ කෙරිණි.

1

1

1

1

1

1

1

1

1

1

1

1


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සදහා කොරෝනා මර්ධන එන්නත් ලබාදීම 2021.06.10 දින උදෑසන ආරම්භ විය

1

1

1

1

1

1

1

1

1


ඓතිහාසික පුලතිසිපුර දිසාවේ ගොවි ජනතාව විසින්, 2020/2021 මහ කන්නයෙන් නෙළා ගත් අස්වැන්නෙහි අග‍්‍ර ශ‍්‍රෂ්‍යයෙන් බුදුරදුන් පිදීම උදෙසා සිදුකරනු ලබන අළුත් සහල් මංගල්‍යය, අස්ගිරි පාර්ශවයේ අනුනායක, මහනුවර අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිපති, පොළොන්නරුව සොළොස්මස්ථාන රාජමහා විහාරාධිපති, පූජ්‍ය වේඪරුවේ ධර්මකීර්ති ශ‍්‍රී රත්නපාල උපාලි අභිධාන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ මහජන නියෝජිතයින්ගේ ප‍්‍රධානත්වයෙන් ද, පොළොන්නරුව දිස්ත‍්‍රික් මහ දිසාපති ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්ගේ සහ පුලතිසි පුරවර ගොවි ජනතාවගේ ද සහභාගීත්වයෙන් ඓතිහාසික ගල් විහාර පුද බිමේ 2021.04.07 දින උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1


ශාරීරික හා මානසික සුවතාව වර්ධනය කිරීමේ අරමුණින් ශාරීරික සුවතා ව්‍යායාම වැඩසටහනක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් 2021.03.17 දින පෙ.ව. 6.30 ට පරාක්‍රමබාහු වැව් තාවුල්ලේදී ආරම්භ විය. මෙම වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් එදින ප.ව 3.30 ට දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරීශ්‍රයේදී පැවත් වු අතර, එය සෑම බදාදා දිනකම පැවැත්වීටට කටයුතු යොදා ඇත.

1

2

3

4

5

6


මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් 2021.03.11 දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව මනම්පිටිය ගඟේ දේවාලයේදී රාජ්‍ය නිලධාරීන් හා හින්දු බැතිමතුන් වෙනුවෙන් ආශිර්වාද පූජාවක් පවත්වන ලදී.

9

1

2

3

4

5

6

7

8


73 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික් නිදහස් දින උළෙල පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර පුදබිමේදී පැවැත්වුන අතර මෙහිදී ආගමික, සංස්කෘතික අංග වලට අමතරව ගල්විහාර පුදබිම තුල රුක්රෝපනය කිරීමද සිදුකරන ලදී.

මෙම උත්සවය තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතර එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්‍රවයේ අනුනායක ඓතිහාසික සොලොස්මස්ථාන රාජමහා විහාරාධිපති පුජ්‍යපාද වෙඩරුවේ උපාලිභිධාන නාහිමිපාණන් වහන්සේ, උතුරු උතුරුමැද නැගෙනහිර පළාත්හී ප්‍රධාන සංඝනායක පුරාණ ඉසිපතනාරාම රාජමහා විහාරාධිපති පුජ්‍යපාද උඩගම ශ්‍රී ධම්මානන්ධාභිදාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමකල අතර මෙම අභිමානවත් වූ මොහොත සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමා, දිස්ත්‍රික් ලේකම් තුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්ලා, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් ද එක් විය.

I0

I1

I2

I3

I4

Ii4

I6

I7

I5

I8

I9

I10


පොළොන්නරුව දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියෙන් ජය ලැබූ ජයග්‍රාහකයන් වෙනුවෙන් ත්‍යාග හා සහතික ප්‍රදානය, දිස්ත්‍රික් ලේකම් තුමන් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ ප්‍රධ‍ානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී 2020/12/24 දින පවත්වන ලදි..

PR1

PR2

PR3

PR4

PR5

PR6

PR7

PR8

PR9

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු පරිගණක ගත කිරීමේ වැඩසටහන යටතේ ප්‍රථමයෙන් පරිගණක ගත කිරීම සිදු කළ සේවාගම සමෘද්ධි බැංකු ශාකාවේ මංගල පාස්පොත මුද්‍රණය කර ගණුදෙනුකරු වෙත මුදල් ලබා දීම 2020.12.17 දින අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ සුරතින් සිදුකරන ලදී.

 

B1

B2

B3

B4

B5

B6

B7

B9

B8

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත සම්බන්ධයෙන් ප්‍රජා මුල සංවිධානවල නායකයින් දැනුවත් කිරීම අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.ජි.ඩබ්. වනසිංහ මහතා(තොරතුරු නිලධාරී,පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය) විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.

 

W1

W2

W3

W4

W5

W6

දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව - 2020.11.10

සංවිධානය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සැලසුම් හා සංවර්ධන අංශය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහි කිරීම උදෙසා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළට සමගාමිව ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ අවශ්‍යතාවය මූලික කර ගනිමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙයට සමගාමීව දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව 2020.11.10 වන දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ සඳහා කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් වන කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා, වැවිලි අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමා, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමා, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමා, උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමා, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය ගරු කංචන විජේසේකර මැතිතුමා, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, ඉඩම් කළමනාකරන කටයුතු,රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමා, ගරු සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමා සහභාගි වූ අතර, නගරාධිපති ගරු ජානක සිදත් රණසිංහ මැතිතුමා සහ ගරු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, අමාත්‍යාංශ දෙපාර්තමේන්තු නිලධාරීන්, උතුරු මැද පළාත් නිලධාරීන් හා දිස්ත්‍රික් ආයතන ප්‍රධානීන්ද මේ සඳහා සහභාගි විය.

අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු යටතේ ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන වැඩසටහන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම දක්වා ගලායාම මෙන්ම ජනතා අවශ්‍යතා හඳුනාගෙන ඒවා පහල සිට ඉහළට ගලායාම තහවුරු කිරීම සඳහා පිහිටුවන ලද මෙම කමිටු යටතේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ සම්බන්ධයෙන්   දීර්ඝ වශයෙන් කරුණු කාරණා සාකච්ඡා කරන ලදී. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය හා අභිවෘද්ධිය සඳහා මෙන්ම ජනතාවගේ ජනජීවිත හා ආර්ථිකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කරුණු කාරණා රාශියක් නව මානයකට යොමු කිරීම මෙහිදී සිදුවිය. එමෙන්ම නව ව්‍යාපෘති යෝජනා රාශියක් වෙනුවෙන්ද ඉදිරියේදී ක්‍රියාකිරීමට එකඟතාවය ලබා දුන් අතර, ඉතා සාර්ථක කමිටුවක නිමාව දිසාපතිතුමාගේ ස්තූති කතාවෙන් අනතුරුව සටහන් විය.

 

G1

G2

D3

D4

D5

D6

D7

D8

D9

2020.12.04 දින ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරි පී.ජී.ජයතිලක මහතා විසින් “සුව දිවියකට මග පෙන්වීම” දැනුවත් කිරීමේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී සිදු කළ අතර, ඒ සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියළු අංශ වල නිලධාරින් සහභාගි විය.

R1

R2

R3

R4

R5

R6

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව - 2020.11.09

සංවිධානය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සැලසුම් හා සංවර්ධන අංශය.

ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව 2020.11.09 වන දින පෙ.ව.9.30 ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව පැවැත්විණි. මේ සඳහා විදුලිබල අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා, මහා මාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ගරු නිමල් ලන්සා මැතිතුමා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ මැතතුමා, මහවැලි කළාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සිරිපාල ගමලත් මැතිතුමා, ඉඩම් කළමණාකරන කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු අමරකීර්ති අතුකෝරළ මැතිතුමා, ගරු නගරාධිපතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, අමාත්‍යංශ ලේකම් වරුන්, පළාත් සභා නිලධාරීන් හා දිස්ත්‍රික් නිලධාරීන් සහභාගී විය.

රැස්වීමට පැමිණි අමාත්‍යවරුන් වෙත දිස්ත්‍රික්කයේ පවතින ගැටළු පිළිබඳව කරුණු ඉදිරිපත් කළ දිසාපතිතුමා එම හඳුනාගත් ගැටළු ඇතුළත් පොතක්ද ඔවුන් වෙත පිළිගන්වන ලදී. එක් එක් අමාත්‍යවරයා විසින් තම අමාත්‍යාංශ වලට අදාල ගැටළු සඳහා පිළිතුරු ලබා දුන් අතර, විසඳිය යුතු තවත් ගැටළු අදාල අමාත්‍යාංශ ලේකම් වරයා වෙත ඉදිරිපත් කරමින් සාර්ථක විසඳුම් ලබාදුණි. එමෙන්ම ගැටළු සඳහා අදාල වගකිවයුතු ආයතන වෙතද ප්‍රශ්ණ ඉදිරිපත් කරමින් කඩිනම් විසඳුම්ද මෙහිදී ලබාදීමට පියවර ගන්නා ලදී.

එමෙන්ම ඉදිරියේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති හා වැඩසටහන් සඳහා අනුමැතියද මෙහිදී ලබාදෙන ලදී. ඉදිරි වසර 05 තුළ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් නව යෝජනාද අනුමතිය සඳහා ඉදිරිපත් කරන ලදී. අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල ඉදිරි වැඩසටහන් පිළිබඳවත්, එහි කාර්යභාරය පිළිබඳවත් කරුණු දැක්වූ පැමිණි මැතිඇමතිවරුන් විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබාදෙන බව පෙන්වා දෙන ලදී.

අවසාන වශයෙන් දිසාපතිතුමා විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙත පැමිණි මැති ඇමතිවරුන්, අමාත්‍යංශ දෙපාර්තමේන්තු ලේකම්වරුන් හා ආරාධිතයන් වෙත ස්තූතිය පලකිරීමෙන් අනතුරුව කමිටු රැස්වීම නිමා කරන ලදී.

 

G1

G3

G4

G5

G6

G7

ස්වශක්ති ණය යෝජනා ක්‍රමය - ණය මුදල් ප්‍රදානෝත්සවය

 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විසිතුරු මත්ස්‍ය වගාකරුවන් හැට දෙනෙකු සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මක වන ස්ව ශක්ති ණය යෝජනා ක්‍රමයට අදාළව ප්‍රදාන මුදල ද සහිතව රුපියල් ලක්ෂ  5ක් බැගින් වූ රුපියල් කෝටි 3ක පමණ ණය මුදලක් ලබා දීමේ උත්සවය 2020.09.29 දින අරලගංවිල මහවැලි රංග ශාලාවේ දී පැවැත්විණි.

 

2020.09.17 සහ 18 දෙදින පවත්වන ලද දීර්ඝ කාලීන බදු බලපත්‍ර සකස් කිරීමේ කඩිනම් වැඩසටහන.

 

රජයේ ඉඩම් වල දිර්ඝ කාලයක් තිස්සේ භුක්තිවිදිමින් සිටින ඉල්ලුම්කරුවන් සදහා කඩිනමින් දීර්ඝකාලීන බදු නිර්දේශ සකස් කිරීමේ වැඩසටහනක් පොළොන්නරුව අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ දී  2020 සැප්තැම්බර් මස 17 සහ 18 දෙදින පුරා පවත්වන ලදි.

ඒ අනුව තමන්කඩුව, හිගුරක්ගොඩ, මැදිරිගිරිය සහ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල 2020 වර්ෂයේ රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් කච්චේරි පවත්වා තෝරා ගන්නා ලද කට්ටිකරුවන් සදහා දීර්ඝ කාලීන බදු බලපත්‍ර ලබාදීම කඩිනම් කිරීම සදහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව , ඉඩම් අමාත්‍යාංශය , ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ඉඩම් ක්ෂේත්‍ර නිළධාරීන් එක්ව පොළොන්නරුව ඉඩම් කොමසාරිස් කාර්යාලයේ දී මෙම කට්ටිකරුවන්ට අදාල නිර්දේශ වාර්තා සකස් කර පරීක්ෂා කර ගරු ඇමතිතුමාගේ අනුමැතිය සදහා ඉදිරිපත් කරණ ලදි.

මේ නිසා මෙම ලේඛන වල අඩුපාඩු පරීක්ෂා කිරීමෙන් නැවත නැවත කාර්යාල අතර ලිපි හුවමාරුව අවම කිරීම හා තැපෑල මගින් සිදුවන ප්‍රමාදයන් අවම කර ගැනීම ද හැකි වූ අතර දෙදින තුල නිර්දේශ වාර්තා 420 ක් සකස් කිරීමට ද හැකිවිය.

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

නේවාසික

වාණිජ

කෘෂිකාර්මික

එකතුව

තමන්කඩුව

223

31

40

294

හිගුරක්ගොඩ

97

11

10

118

මැදිරිගිරිය

6

1

1

8

එකතුව

326

43

51

420

 

L2

L1

L3

 

සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ විශේෂ අවස්ථා.

 

S1

S2

S

S3

S5

S6

S8

T7

S10

 

2020.10.26 දින සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ එළවළු පැළ බෙදාදීමේ අවස්ථාව.

1

1

1

1

1

 

කප්රුක සිටුවා සෞභාග්‍යා ගෙවත්ත අලුත්බර කරමු.

1

S2

S

1

S2

S

ගෘහ ආර්ථිකය පෝෂණය වැඩිදියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික ගෙවතු වගා වැඩසටහනේ ආරම්භක රැස්වීම, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2020.10.13 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කරන ලදි.

 

අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි ප්‍රමුඛ සංකල්පයක් ලෙස ගැනෙන "ඵලදායි පුරවැසියෙක් සතුටින් ජීවත්වන පවුලක්" යන සංකල්පය යථාර්ථයක් බවට පත්කර සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීම සදහා හැකිතාක් කාබනික එළවළු සහ පළතුරු පරිභෝජනය ගෘහ මට්ටමින් නිෂ්පාදනය කිරිම සදහා ගෙවතු ලක්ෂ 20 ක් වගා කිරිමේ වැඩපිළිවෙලෙහි ආරම්භක පියවරක් ලෙස පුද්ගලයා, පවුල කේන්ද්‍ර කරගත් ගෘහ ආර්ථිකය පෝෂණය වැඩිදියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික ගෙවතු වගා වැඩසටහන- 2020/21 මහ කන්නය තුළදි හදුන්වාදීමට අපේක්ෂිතය.

දරිද්‍රතාවය පිටු දකිමින් ආර්ථික හා පෝෂණ වටිනාකමක් ඇතිවන ලෙසට දැනට පවතින ගෙවතු සංවර්ධනය කිරිම හා භාවිතයට ගෙන නොමැති ගෙවතු ආර්ථිකමය වශයෙන් ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගෙන ගෙවතු සංවර්ධනය දිගින් දිගටම පවත්වාගෙන යාමේ සම්ප්‍රදායට ප්‍රජාව හුරුකරවීම ද මෙහි එක් අපේක්ෂාවකි.

 

1

1

1

 

අධ්‍යාපන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාව - 2020.10.18

සංවිධානය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සැලසුම් හා සංවර්ධන අංශය.

ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020.10.18 දින අධ්‍යාපන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, මේ සඳහා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර ගරු මහීපාල හේරත් මැතිතුමා, ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමා, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා, සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමා ඇතුළු මැති ඇමති වරුන්, ගරු නගරාධිපතිතුමා ඇතුළු ගරු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්,අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, උතුරු මැද පළාත් නිලධාරීන් සහ දිස්ත්‍රික් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පෙ.ව.10.30 ට ආරම්භ කෙරුණි..

මෙහිදී අධ්‍යාපන කටයුතු සම්බන්ධ වර්තමාන තත්වය පිළිබඳවත්, අධ්‍යාපනයේ පවතින ගැටළු සම්බන්ධවත්, 2021 අධ්‍යාපන සැලැස්ම පිළිබඳවත් උතුරු මැද පළාත් අධ්‍යාපන නිළධාරීන් විසින් කරුණු ගෙනහැර පෑවේය. ඉන්පසුව පුලතිසි අධ්‍යාපන විද්‍යාපීඨය, කාර්මික විද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සහ ජාතික තරුණ සේවා සභාව සිය ආයතන වල පවතින ගැටළු ගරු අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පවසන ලද අතර, ඒවාට අවශ්‍ය විසඳුම් හා තීන්දු තීරණ අමාත්‍යවරයා විසින් ලබාදෙන ලදී.

එමෙන්ම 2020 - 2024 පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ඉලක්ක ලෙස,

01. ප්‍රාථමික අංශයේ අත්‍යාවශ්‍ය නිපුණතා 100% සහතික කිරීම.

02. ශිෂ්‍යත්වය විභායට පෙනී සිටින සියළුම සිසුන් ලකුණු 100 ඉක්ම වීම.

03. උසස් පෙළ හදාරන සියළු සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා අවම සුදුසුකම් ලබා ගැනීම සහතික කිරීම.(2019 වර්ෂයේ 64% සිට 2024 වන විට 100%දක්වා)

නියෝජ්‍ය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් ඉදිරිපත් කරන ලදී. දිසාපතිතුමා විසින් මෙදින රැස්වීමට පැමිණි මැති ඇමති තුමන්ලා, මහජන නියෝජිතයින් හා ගරු ආණ්ඩුකාර තුමාටද, රැස්වීමට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, උතුරු මැද පළාත් නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට ස්තූතිය පිරිනමන ලදී. අනතුරුව ගල්ලෑල්ල නව ජාතික පාසල ඉදිකිරීමට යෝජිත ස්ථානය නිරීක්ෂණය කිරීම, නව විශ්ව විද්‍යාලය ඉදිකිරීමට යෝජිත මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩම නිරීක්ෂණය කිරීම සහ මින්නේරිය ජාතික පාසල නිරීක්ෂණය කිරීමේ අවස්ථාවන් සඳහා රැස්වීම අවසන් කර සියළු දෙනා පිටත් වුණි

 

ED1

ED2

ED3

ED4

ED5

ED6

ED7

ED8

ED9

 

2020.10.26 දින සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ එළවළු පැළ බෙදාදීමේ අවස්ථාව.

 

2020/10/26 දින සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ එළවළු පැළ බෙදාදීම තමණ්කඩුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් සිදු කළ අතර,  ඒ සදහා ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමා ද, අතිරේක දිසාපති /වැ.බ.සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්. ජී. ඩබ්ලිව්. වනසිංහ මහතා ද, කෘෂිකර්ම අධ්‍යක්ෂ ඉඹුල්ගොඩ මහතා ද, සේවාගම ගොවිජන ප්‍රාදේශීය නිලධාරි රසිකා මහත්මිය ද, කලාප සමෘද්ධි කලමණාකරු වී.ජයරත්න මහතා ද ඇතුළු සමෘද්ධී නිලධාරින් මේ අවස්ථාවට සහභාගි විය.

1

1

1

1

1

 

තරුණ හා ක්‍රීඩා කමිටුව - 2020.10.28

සංවිධානය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සැලසුම් හා සංවර්ධන අංශය.

2020.10.28 දින පෙ.ව.9.30 ට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.මේ සඳහා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු තේනුක විදානගම මැතිතුමා, ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමා, සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමා ඇතුළු මැති ඇමති වරුන්, ගරු නගරාධිපතිතුමා ඇතුළු ගරු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, උතුරු මැද පළාත් නිලධාරීන් සහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන් පැමිණ සිටියහ.

තරුණ හා ක්‍රීඩා සංවර්ධනය සම්බන්ධ ගැටළු හා අදහස් හා යෝජනා වාරයේදී රැස්වීමට පැමිණි නිලධාරීන් හා ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ ගැටළු සඳහා විධිමත් වූ තීන්දු තීරණ රැසක් ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා විසින් දෙනු ලැබීය.

එමෙන්ම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තාරුණ්‍ය වෙනුවෙන් හා ක්‍රීඩාව සංවර්ධනය වෙනුවෙන් ලබාදෙනු ලබන පහසුකම් සම්බන්ධව මෙසේ කරුණු ගෙනහැර දක්වන ලදී.

• පොළොන්නරුව දිස්ත්‍රිකයට ආවේණික ක්‍රීඩාවක් වන බර ඉසිලීමේ ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා අධි පුහුණු තාක්ෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීම.

• බර ඉසිලීමේ ජාතික සංචිතය පොළොන්නරුවේ ඉදිකිරීම.

• ක්‍රීඩා පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මව් පාසලේ එක් පංතියක් වෙන්කිරීම හා ක්‍රීඩා පාසලේ එක් දරුවෙකු සඳහා රු.10,000.00 ක් වෙන් කිරීම.

• දිස්ත්‍රික්කයේ සියළු පාසල් සඳහා ක්‍රීඩා ගුරුවරයෙක් හෝ ක්‍රීඩා පුහුණුකරුවෙකු පත්කිරීමට පියවර ගැනීම. • සෑම පාසලකටම ඉලක්කයට වෙඩිතැබීමේ ක්‍රීඩාව හඳුන්වා දීම.

• තරුණ තරුණියන්ගේ විරැකියාව අවම කිරීමට පියවර ගැනීම.

• ක්‍රීඩාංගන වෙත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් ප්‍රවාහනය සඳහා CTB ආයතනය සමඟ එක්ව ගමනාගමන පහසුකම් ලබාදීම.

• ක්‍රීඩා පුහුණුකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය ජාතික හා ජාත්‍යන්තර පුහුණුවීම් ලබාදීමට කටයුතු කිරීම.

• රාජකීය විද්‍යාල ක්‍රීඩා පාසල් ධාවන පථයේ 130 m ක සින්තටික් ධාවන පථයක් ඉදිකර දීම.(ii වන අධියර යටතේ)

• දිස්ත්‍රික්කයේ එළිමහන් කායවර්ධන මධ්‍යස්ථාන ඉදිකර දීම. • ක්‍රීඩා නිලධාරීන්ගේ ගමන් වියදම් 3 න් ගුණයකින් ඉහළ දැමීමට පියවර ගැනීම.

• ගෘහස්ථ නෙට්බෝල් පිට්ටනි කළාපයකට 01 බැගින් ඉදිකිරීම.

• දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වල ඉදිරි ක්‍රියාකාරී සැලැස්මට අනුව මුදල් ලබාදීමට කටයුතු කිරීම.

• දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනමක් ඇති කිරීමට කටයුතු කිරීම.

• ක්‍රීඩා සම්බන්ධ කටයුතු සිදුකිරීමේදී ක්‍රීඩාව සම්බන්ධ විශේෂඥයින්ගේ හා ක්‍රීඩා නිලධාරීන්ගේ සහය ඇතිව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

• තරුණ ප්‍රාදේශීය සම්පත් මධ්‍යස්ථානයක් ඉදිකර පසුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් උප මධ්‍යස්ථාන පිහිටුවීම.

• ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සඳහා රුපියල් ලක්ෂ 50 ක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වෙන් කිරීම.

• ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවට අයත් ක්‍රීඩාංගණ,මහවැලි අධිකාරියට අයත් ක්‍රීඩාංගන එම ආයතන වල අනුමැතිය සමඟ ලබා දීම.

අවසානයේ දිසාපතිතුමා විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයට පැමිණි ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාටත්,ගරු තේනුක විදානගම මැතිතුමාටත්,සියළුම මහජන නියෝජිත තුමන්ලාටත්,සියළුම නිලධාරීන්ටත් ස්තූති කිරීමෙන් අනතුරුව පැමිණ සිටි සියළු ආරාධිතයන් හා නිලධාරීන් ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණයේ ක්‍රීඩා හා විද්‍යා පාසලක් බවට පත්කිරීමේ නිරීක්ෂණ චාරිකාවට හා දීප උයන කායවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ස්ථානය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවට සහභාගී විය.

 

N1

N2

N3

N4

N5

N6

 

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා සිදුවන සමාජ සත්කාරයන්

GA Sir

 

 

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගහිගකම් ඇති පවුල් සදහා වියළි සලාක මලු ජපානයේ ශ්‍රී ලාංකීය එකමුතුව - සකුරා ශ්‍රී ලංකා පදනමේ මුල්‍ය අනුග්‍රහ යටතේ බෙදාදීම.

sakura sakura 2

 

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ඇති වැඩි හිටි නිවාස, ළමා නිවාස හා භික්ෂු ගිලන් හල් වෙත ගෞතම දරුවෝ ආර්යා පදනමේ මුල්‍යධාර යටතේ වියලි සලාක ද්‍රව්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යග කිරීම.

gautham 2 gautham

 

 

 2020 යල කන්නයේ වී මිලදී ගැනීම

 

Paddy 2020

  

1

1

1

உட்பிரிவுகள்